page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

1. ගුරුභවතුන්ගේ වාර සටහන් අනුමත කිරීම හා පිටපත බැගින් ගොනු කර තබා ගැනීම.

2. වාර්ෂික කාලසටහන් සැකසීම සහ ඒ අනුව ඉගැන්වීම් කටයුතු ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම.

3. අ.පො.ස. සා/පෙළ,උ/පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයන් අයදුම්පත් සැකසීම, අයදුම් කිරීම හා ප්‍රතිඵල විශ්ලේෂණය අදාළ ගුරුභවතුන්  මගින් සිදු කරවීම.

4. ලකුණු පොත් නඩත්තු කිරීම.

5. අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය සැලසුම් කොට කාලසටහන් සැකසීම සහ අභ්‍යන්තර අධීක්ෂණ කණ්ඩායම මගින් අධීක්ෂණ ක්‍රියාවලිය සිදුකිරීම.

6. 6-13 ශ්‍රේණිවල පාසල් පාදක ඇගයීම් ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාවට නැංවීම , ලකුණු ලේඛන පවත්වා ගැනීම, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කාර්ය අධීක්ෂණය සහ ගෙවීම් නිර්දේශ කිරීම.

7. පාසල් ගුණාත්මක දර්ශනය සැකසීමට අදාළ ක්ෂේත්‍ර (ප්‍රමිති) අටේ ප්‍රධාන ලිපිගොනුව සැකසීම , අනෙකුත් ලිපිගොනු සැකසීම අධීක්ෂණය කිරීම සහ ඒ අනුව පාසල ගුණාත්මකව සැකසෙන බවට වගබලා ගැනීම.

8. ශිෂ්‍ය තොරතුරු පද්ධතිය සකසා යාවත්කාලීනව පවත්වාගෙන යාම.

9. ප්‍රමිතියට අදාල කාර්යයන් පවරා ඇති ගුරුභවතුන් විසින් නිසි ලෙස ඉටුකරන්නේ දැයි අධීක්ෂණය කිරීම සහ ප්‍රධාන ලිපිගොනුව නඩත්තු  කිරීම.

10. 10-11සියලුම ශ්‍රේණිවල පංති වාර්තා පොත් දෛනිකව අධීක්ෂණය කිරීම කාලච්ඡේද ආවරණය නොවූ ඒවා පිළිබඳ අංශ  ප්‍රධානීන් සිදුකරන  කාර්යයන් සොයා බලා නිසි පරිදි වන බවට වගබලා ගැනීම.

11. 10-11 සියලුම ශ්‍රේණිවල පංති වාර්තා පොත් සති සාරාංශයේ ''විදුහල්පති'' යන ස්ථානයේ නිවැරදි බවට අත්සන් යෙදීම.

12. අධ්‍යයන අනධ්‍යයන සහ සේවා සහායක කාර්ය මණ්ඩලවල අත්සන් ලේඛන නිසි ලෙස නඩත්තු කිරීම.

13. ස්වාස්ථ සැසි සඳහා ගුරුභවතුන් සහභාගී කරවීම, සටහන් තැබීම සහ අනෙක් අදාළ ගුරුභවතුන් දැනුවත් කරවීම එස්.බී.ටී.ඩී. වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරවීම නියාමනය කිරීම.    

14. එස්.බී.ටී.ඩී. වැඩසටහන් හා පී.එස්.බී.එල්.අයි.ජී වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම.

15. සෑම මසකම අවසන් සිකුරාදා දිනයේ මාසික පරීක්ෂණ අංශ ප්‍රධානීන් මගින් සැලසුම් කොට පැවත්වා එම  අංශයට අදාල මාසික පරීක්ෂණ ලකුණු  පොතක් පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීම.