page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවරට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • බඳ පටිය කොටසේ අවසන් සීමාව සිපරය සීමාවේ සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • සුදු මේස් හෝ විද්‍යාලීය මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)

  • ගැහැණු ළමුන් කොළරය  සහිත සුදු ගවුම හා සුදු ගවුම දණ හිසෙන් අගල් දෙකක්වත් පහළට සිටින සේ ඇඳිය යුතුය. පාසල් නිල ලාංජනය හා ටයි පටිය පැළදිය යුතු අතර, ගවුමේ රැළි අගල් දෙකකට වඩා පළල නොවිය යුතුය. දෙපස රැළි දෙක බැගින් වන (මැද රැල්ල box fleart) ලෙස ගවුම සකසා තිබිය යුතුය.
  • සුදු සපත්තු, සුදු මේස් හෝ විද්‍යලීය මේස් පැළදිය යුතුය. (තුවාලයක් වූ විට පමණක් මෝස්තර රහිත කළු පටි සහිත සෙරප්පු පැළදීමට අවසර ඇත.)
  •  අනවශ්‍ය පැළදීම්/මාල/මුදු/අත් පළදනා/අත් ඔරලෝසු නොපැළදිය යුතුය. ( පිරිත් නූල් කරට පමණක් පැළදිය යුතුය.)
  •  කොණ්ඩය මැදින් පීරා දෙකට ගොතා අගින් නවා කළු රිබන් පටියකින් බැදිය යුතුය. අවශ්‍ය නම් පමණක් කුඩා කළු වර්ල්ඩ් බෑන්ඩ් හා කළු ක්‍රේල් කටු පැළදිය හැකිය.
  •  පාසලට පැමිණෙන සියලු අවස්ථාවලදී / පාසල නියෝජනය කරන ගමන්වලදී සම්පූර්ණ නිළ ඇදුමින් සැරසී සිටිය යුතුයි.