The Life Skill Training Workshop for Prefects

School Provincial Drama Competition

13 වන ශ්‍රේණි සදහා වාර විභාග

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2023-11-17at092308.jpeg
  • මා/නා ශ්‍රි නාග ජාතික පාසලේ ඉගෙනුම් කාර්යයේ යෙදෙන සැවොම පාසල තුළිත් ඉන් බාහිරවත් විදුහලේ ගෞරවය රැකෙන පරිදි ආදර්ශවත්ව ක්‍රියා කළ යුතුය.
  • සියලුම සිසුන් පහත නියම කර ඇති පරිදි නිල ඇඳුම් භාවිතා කළ යුතුය.
  • 6- 9 ශ්‍රේණිවල පිරිමි ළමුන් අත්කොට සුදු කමිස හා සුදු කොට කලිසම ද, කළු රවුම් ඉදිරියක් ඇති චාම් සපත්තු සුදු මේස් හෝ විද්‍යාලයේ මේස් පැළඳිය යුතුය. පාසලේ නිල ලාංඡනය කමිස සාක්කුව මත පැලදීම අනිවාර්ය වේ.
  • 10 -13 ශ්‍රේණිවල පිරිමි ළමුන් සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම ඇදිය යුතුය.(කලිසම් කකුලේ වාටිය පළල අඟල්  15-17 විය යුතුය.) සුදු මේස් කළු සපත්තු පැළඳිය යුතුය.පාසලේ නිල ලාංඡනය කමිස සාක්කුවේ මත පැළදීම අනිවාර්ය වේ.
  • ගැහැනු ළමුන් කොලරය සහිත සුදු ගවුම දණ ගැසූ විට පොළොවේ ස්පර්ශ වන මට්ටමට උස විය යුතුය.
    පාසලේ නිල ලාංඡනය හා ටයි පටිය අනිවාර්යයෙන් පැළඳිය යුතුය.
  • ගවුමේ රැලි අගල් දෙකකට වඩා පළල නොවිය යුතු අතර දෙපස රැලි 2 බැගින් (මැද රැල්ල box fleat )  විය යුතුය. ඉන පටියේ පළල අඟල් 1.5 ක් විය යුතු අතර ගවුමේ වාටිය පළල අඟල් 2.5 වියයුතුය. කොළරය පිටුපසට නෑමූ  විට අගල් 1.5 ක් විය යුතුය. එක් සාක්කුවක පළල අගල් 4.5 ක් හා උස අඟල් 5 ද වන සේ සාක්කු දෙකක් හා ඉණ වාටිය  අඟල් 3 ක් පළල විය යුතුය. ගවුමේ අත දිග අගල් 6 ක් විය යුතුය. සුදු මේස් හෝ  විද්‍යලීය මේස් හා සුදු  සපත්තු පැළඳිය යුතුය.
  • පිරිමි ළමුන් කොණ්ඩය සාමාන්‍ය ලෙස කපා පැත්තකට පීරීය යුතුය.(ඔලුවේ සම පෙනෙන සේ කට් නොදැමිය යුතුය.)ගැහැනු ළමුන් කොණ්ඩය මැදින් පීරා දෙකට ගොතා අගින් නවා කළු රිබන් පටියකින් බැදිය යුතු අතර අවශ්‍ය නම් පමණක් කළු ක්‍රේල්  කටු දෙකක් පැළඳිය හැකිය.
  • කකුලේ ආබාධයක් / තුවාලයක් වූ විට පමණක් මෝස්තර රහිත කළු පටි සහිත රබර් සෙරෙප්පු පැළදීමට අවසර ඇත.
  • සියලුම සිසු සිසුවියන් පාසලට පැමිණෙන සියලු අවස්ථාවලදී හා පාසල නියෝජනය කරන සෑම අවස්ථාවකදීම සම්පූර්ණ නිල ඇදුමින් සැරසී සිටිය යුතුය.
  • අනවශ්‍ය පැළදීම් මාල/ මුදු /අත් පළදනා /අත් ඔරලෝසු නොපැළදිය යුතුය.
  • ජංගම දුරකථන/ ස්වර්ණාභරණ /විශාල ප්‍රමාණයේ මුදල් පසුම්බි /CD/DVD ඇතුළු නොගැලපෙන ආයිත්තම් කිසිවක් පාසලට රැගෙන ඒම තහනම් ය. අසුවුවහොත් නැවත ලබා නොදේ.
  • පෙ.ව.7.15ට පෙර සියලුම දෙනා පාසලට පැමිණිය යුතුය. අනිවාර්‍යයෙන්ම දිනපතා පාසල් පැමිණිය යුතු අතර අත්‍යවශ්‍ය හේතුවක් මත පාසල් නොපැමිණියේ නම් ඒ බව දන්වා පන්ති භාර ගුරුභවතා වෙත දෙමව්පියන් විසින් හේතු දක්වා ලියූ ලිපියක් රැගෙන ආ යුතුය.
  • පාසලට පැමිණි පසු පාසල ඇරෙන තුරු කිසිම හේතුවක් සඳහා පාසලෙන් අනවසරයෙන් පිටවීම තහනම් ය.ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකදී පන්තිභාර ගුරුවරයාගේ නිර්දේශය මත නියෝජ්‍ය විදුහල්පතිගේ (පාලන - සංවර්ධන) අනුමැතිය මත පාසලෙන් බැහැර විය හැකිය.
  • පාසල් කාලය තුළ ඉගෙනුම් ක්‍රීයාවලියේ යෙදිය යුතු අතර තැන් තැන්වල ඇවිදීම නොකළ යුතුය.
  • සෑම විටම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් පාසල ඇරඹීමට පෙර හා විවේක කාලයේ දී ඉටු කරගත යුතුය.
  • විවේක කාලය හැර අනෙක් වේලාවල ආපනශාලාවට නොයා යුතුය.
  • තමන්ට අයත් පන්තිය හැර වෙනත් පන්තිවල අනවසරයෙන් රැඳී සිටීම හා යාම තහනම් වේ.
  • කිසිම අයෙකුට හිරිහැර කිරීම ,  හිංසා කිරීම , මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
  • මත්ද්‍රව්‍ය භාවිතය, ළග තබාගැනීම, භාවිතයට ගන්නා අය අසල සිටීම, පාසලට රැගෙන ඒම යනාදී ඕනෑම අපචාරී ක්‍රියාවක යෙදීම සපුරා තහනම් ය.
  • සෑම ශිෂ්‍යයෙක්ම ශිෂ්‍ය නායක මණ්ඩලයට,පන්ති නායක නායිකාවන්ට හා විෂය නායක නායිකාවන්ට අවනත විය යුතුය.
  • සෑම ශිෂ්‍යයෙක්ම පාසලේ සීනුවට අවනත විය යුතු අතර ජාතික ගීය/ පාසල් ගීතය විකාශය වන විට සිටින ස්ථානයේම රැඳී සිට ඊට ගෞරව කළ යුතුය.
  • පාසල් කාලයෙන් පසු නිවාඩු දිනවලදී පාසලේ රැඳී සිටීනම් එය විදුහල්පති අවසරය මත හා ගුරුවරයෙකු රැඳී සිටීනම් පමණක් විය යුතුය තවද ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් වී සිටිය යුතුය.
    යම් අයෙක් අත්තනෝමතිකව පාසලේ රැඳී සිට පාසලේ සම්පත්වලට හානියක් වී තිබුනහොත් ඔහු හෝ ඇය පෞද්ගලිකව එම හානිය පූර්ණය කල යුතුය.
  • පන්ති කාමරවලින් බැහැර විද්‍යාගාර ,පරිගණකාගාර, ගණිතාගාර, වැනි ස්ථාන වෙත කණ්ඩායමක් වශයෙන් ගමන් කිරීමේ දී තනි පේලියක් ලෙස නිහඬව අනෙක් පන්ති කාමරවලට බාධාවක් නොවන සේ ගමන් කළ යුතුය.
  • අ:පො:ස (සා /පෙළ) සඳහා පෙනී සිටින සිසුන් අවම වශයෙන් 90% ඉක්මවූ පැමිණීමේ ප්‍රතිශතයක් ද අ:පො:ස. (උ/පෙළ) සදහා  පෙනී සිටින සිසුන් අවම වශයෙන් 80% ඉක්මවූ පැමිණීමේ ප්‍රතිශතයක් ද පවත්වාගත යුතු ය. එසේ නොවන සිසුන් පාසලෙන් අදාළ විභාගයන්ට ඉදිරිපත් කිරීම/නොකිරීමේ තීරණය විදුහල්පතිතුමා සතුය. එහි වගකීම සම්පූර්ණයෙන්ම දෙමව්පියන් හෝ භාරකරු ගත යුතුය.
  • පොලිතීන් පාසලට රැගෙන ඒම සපුරා තහනම්ය. කෑම රැගෙන ඒම සඳහා ප්‍රමිතියෙන් යුතු කෑම පෙට්ටියක් භාවිත කළ යුතුය.
  • පාසලෙන් පසු පවත්වන ප්‍රතිඵල සංවර්ධනයට උපකාරක පන්ති සදහා අදාළ සිසුන් අනිවාර්යයෙන්  සහභාගී විය යුතු අතර ඒවා මග හරින සිසුන්ට විනයානුකූලව කටයුතු කෙරේ.
  • ඉහත ඕනෑම විනය නීතියක් කඩවන විට සිසුන්ට උපදෙස් දීම, අවවාද කිරීම , විනයානුකූලව පියවර ගැනීම සම්පූර්ණයෙන්ම පූර්ණ  අයිතිය විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට ඇත.