page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අයි.පී.ඩී.ඉහළගෙදර මිය

තොරතුරු හා සන්නිවේදනයේ තාක්ෂණයේ නව මංපෙත් විවර කරමින් සයිබර් ලොවට පියාපත් පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ වැඩසටහනට සුබාශිංසන පිරිනමමි. 
 
         ජාතික නිපුණතා සහ පොදු අරමුණු සාක්ෂාත් කරමින් නූතන ශිෂ්‍ය ප්‍රජාව, සන්නිවේදන නිපුණතාවයෙන් පරිපූර්ණ පිරිසක් බවට පත්කිරීමට මෙවන් වැඩසටහනක් තුළින් ගන්නා උත්සහය ප්‍රශංසනීයයි. අපගේ විද්‍යාලයේ දූ දරුවන් ද මෙම වැඩසටහනට දායක වීම බෙහෙවින් අගය කරමි.

         පාසල්වල සහ ශිෂ්‍ය ,ගුරු,අනධ්‍යන ඇතුළු අභ්‍යන්තර මෙම බාහිර ප්‍රජාවේ තොරතුරු කාර්යක්ෂමව හා ඵලදායිව ඒකරාශී කිරීම මෙන්ම තොරතුරු බාහිර පාර්ශව වෙත  කඩිනමින් සන්නිවේදනය කර ගැනීම මේ තුලින් කඩිනම් වේ. ඒ වගේම දරුවන්ගේ සන්නිවේදන කුසලතාවයන් හා නිපුණතාවයන් ඔප් නංවමින් වැඩලෝකයට උචිත අභිමානවත් ශිෂ්‍ය පරපුරක් සමාජයට දායාද කිරීමට ගන්නා මෙබඳු ප්‍රසස්තයක් අගය කරමි. 

 

 

අයි.පී.ඩී.ඉහළගෙදර මිය
නියෝජ්‍ය විදුහල්පති
මප/නා/ශ්‍රී නාග ජාතික පාසල, නාවුල.