page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

විදුහල්පති පණිවිඩය

එම්.ජී.නවරත්න

සන්නිවේදනය සමාජ ප්‍රගමනය සඳහා බලපාන ප්‍රධාන සාධකය වේ. අතීතයේ පැවති ප්‍රාථමික මට්ටමේ සන්නිවේදන ක්‍රම ඔස්සේ ලබාගත් සමාජ කුසලතා හා දැනුම වර්තමානය වන විට යල්පැන ගිය සංකල්ප බවට පත්වෙමින් පවතී. නමුත් එදා සිට අද දක්වා භාවිතා වූ ඉහත කී තොරතුරු හා සන්නිවේදන සංකල්ප නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යමින් පවතී. ඒ නිසාම යම් සමාජ කොට්ඨාසයක් නව තාක්ෂණය මුසු තොරතුරු හා සන්නිවේදන කුසලතා භාවිතා නොකළහොත් ඔවුහු සමාජය තුළ නැතහොත් ලෝකය තුළ හුදකලා ජන කොට්ඨාසයක් බවට පත්වීම නොවැලැක්වීය හැකිය.

සීග්‍රයෙන් නව මං පෙත් සොයා යන අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය වර්තමානයේ අත්‍යවශ්‍යව ඇත.එසේ වූ කළ නව දැනුමෙන් හා තාක්ෂණයෙන කුසලතාවයෙන් පිරිපුන් දරු පිරිසක් ලොවට  බිහිවනු ඇත. එසේම ඔවුහු ලෝකය තුල හුදකලා නොවනුද ඇත.

අධ්‍යාපනයේ ප්‍රධාන ආයතනයක් ලෙසින් ශ්‍රී නාග ජාතික පාසල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළ නව පියවරක් තබමින් ශ්‍රී නාග ජාතික පාසල නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට තීරණය කරන ලද්දේ අප පාසල තුළ අධ්‍යායාපනය හදාරන දරුවන් සහ පාසල් ප්‍රජාව නව ලොවට දැනුමෙන් හා කුසලතාවන්ගෙන් බලපවත්න කිරීම අරමුණීනි,මේ සදහා මූලික කැපවී කටයුතු කරන සැමට මෙසේ සුභාශිංසන එක්කරමි.

                                                           

 

 

එම්.ජී.නවරත්න
විදුහල්පති
ශ්‍රී නාග ජාතික පාසල.