page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

1. තමාගේ පන්තියේ කටයුතු පිළිබඳව වගකිව යුතුය.

2. නම් ලකුණු කිරීම හා නාම ලේඛන නිසි පරිදි පවත්වාගෙන යාම කළ යුතුය.

3. පන්ති නායක නායිකාවන් විෂය නායක නායිකාවන් හා පුස්තකාල නායක නායිකාවන් පත්කළ යුතුය.

4. පන්ති සතු උපකරණ පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.එම භාණ්ඩවල ආරක්ෂාව මෙන්ම මනා පරිහරණය ගැනඅවධානය යොමු කළ යුතුය.

5. පන්තියේ සියලු සිසුන් ගැන හැඳින ගත යුතුය.

6. උදෑසන පාසල ආරම්භ කිරීමට ප්‍රථම පන්තියට ගොස් සියල්ල විමසා බැලිය යුතුය.

7. පන්තියේ සිසුන් ගේ ඇඳුම් පැළඳුම් හා පිරිසිදුකම ගැන විශේෂයෙන් පරීක්ෂාකාරී විය යුතුය.

8. පන්තියේ සිසුන්ගේ විනය ගැන සැලකිලිමත් විය යුතුය.

9. විනය කඩකිරීම් සිදු වුවහොත් ඒ ගැන සොයා බැලිය යුතුය. අවශ්ය නම් විනය භාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය.

10. පන්තිය තුල ඇතිවන ආරවුල් විසදිය යුතුය ඒ අවශ්‍ය අවස්ථාවලදී සහකාර විදුහල්පති හා නියෝජ්‍ය  විදුහල්පති වෙත වාර්තාකළ යුතු ය.

11. කලට වේලාවට පහසුකම් හා සේවා ගාස්තු එකතු කිරීම හා පාසල් සංවර්ධන සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම සිදු කළ යුතුය.

12. පන්ති කාමරය අලංකාරවත් හා දර්ශනීය වත් ලෙස තබා ගැනීමට සිසුන්ට උපදෙස් දිය යුතුය.

13. පන්ති කාමරය අවට පරිසරය දර්ශනීය ලෙස හා පිරිසුදුව තබාගත යුතුය.

14. තම පන්තියේ සිසුන් සමඟ නිතර නිතර සාකච්ඡා කරමින් ඔවුන්ගේ අවශ්‍යතා දැන ඊට අනුරූපීව කටයුතු කළ යුතුය.

15. ඵලදායී දෙමාපිය සබඳතා පැවැත්වීම කළ යුතු ය.

16. පන්තියේ සියලු සිසුන්ට වගකීම් පැවරිය යුතුය.