page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

ගුරුභවතුන්ගේ ආචාරධර්ම

 

1. මම සිතුවිලි වලින් ද වචනයෙන්ද ක්‍රියාවෙන්ද අවංක වෙමි.

2. ඉගෙනුම සඳහා සියළුම දරු දැරියන් සතු අයිතියද හැකියාව ද පිළිගනිමි.

3. එම හැකියාව හා අයිතිය උපයෝගී කර ගනිමින් කායික හා මානසික චිත්තවේගීය හා සදාචාරාත්මක වශයෙන් හැකි උපරිම වර්ධනයක් අත්පත් කර ගැනීමට මගේ සියලුම දරුදැරියන් ද දක්ෂ අදක්ෂ ආදී කිසිදු භේදයකින් තොරව මම මඟ පෙන්වමින් ඔවුන්  සියල්ලටම මාගේ දරුදැරියන් සේ සලකා ආදරයෙන් යුතුව කටයුතු කරමි.

4. සිසුන්ගේ පෞද්ගලිකත්වය හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන අතර කවර ආකාරයකින් වුවත් සිසුන් නොමග යවන කිසිම ක්‍රියාවකට  සම්බන්ධ නොවෙමි.

5. සිසුන්ගේ යහපත හා දියුණුව මගේ යහපත හා දියුණුව සේ සලකා මුළු කාලයම ඔවුන් වෙනුවෙන් කැප කිරීම මගේ පරම සතුට සේ සලකමි.

6. මම දුම්බීම වැනි සියලුම විෂමචාරයන් ගෙන් ඈත්ව චාම් දිවි පෙවතක් ගත කරමින් දරුවන්ට ආදර්ශමත් කටයුතු කරමි.

7. වෙනස් වන ලෝකයට උචිත වන ලෙස මගේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කර ගනිමින් වෘත්තීයභාවය ගොඩ නගා ගැනීමට ඔවුන් යොමු කරමි.

8. සේවා යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් ලබන තෘප්තිය ම පෙරදැරි කරගෙන කටයුතු කරමි.