The Life Skill Training Workshop for Prefects

School Provincial Drama Competition

13 වන ශ්‍රේණි සදහා වාර විභාග

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2023-11-17at092308.jpeg

අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණු

 

1. මානව අභිමානයට ගරු කිරීමේ සංකල්පය මත පිහිටා ශ්‍රී ලාංකික බහුවිධ සමාජයේ සංස්කෘතික විවිධත්වය අවබෝධ කර ගනිමින් ජාතික ඒකාබද්ධතාවය,ජාතික     සෘජු ගුණය, ජාතික සමගිය, එකමුතුකම සහ සාමය ප්‍රවර්ධනය කිරීම තුලින් ජාතිය  ගොඩනැගීම සහ ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීම.

2. වෙනස් වන ලෝකයක අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන අතර ජාතික උරුමයේ මාහැගී දායාදයන් හඳුනාගැනීම සහ එම දායාද සංරක්ෂණය කිරීම.

3. මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම, යුතුකම් හා වගකීම් පිළිබඳ දැනුවත් වීම, හෘදයාංගම බැඳීමකින් යුතුව එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීම යන ගුණාංග        වර්ධනය කිරීමට ඉවහල් වන සාධාරණත්ව සම්මතයන් සහ ප්‍රජාතාන්ත්‍රික ජීවන රටාවක් ගැබ් වූ පරිසරයක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම සදහා සහය      වීම.

4. පුද්ගලයන්ගේ මානසික හා ශාරීරික සුව සම්පත සහ මනාව අගයන්ට ගරු කිරීම මත පදනම් වූ තිරසාර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම.

5. සුසමාහිත වූ සමබර පෞරුෂයක් සඳහා නිර්මාණ හැකියාව ආරම්භක ශක්තිය, විචාරශීලි චින්තනය, වගකීම හා වගකීම ඇතුළත් වන ධනාත්මක අංග ලක්ෂණ         සංවර්ධනය කිරීම.

6. පුද්ගලයාගේ සහ ජාතියේ ජීව ගුණය වැඩි දියුණු කෙරෙන සහ  ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා දායක වන ඵලදායි කාර්යන් සඳහා අධ්‍යපනය තුළින්              මානව සම්පත් සංවර්ධනය කිරීම.

7. සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ ලෝකයක් තුළ සිදුවන වෙනස්කම් අනුව හැඩ ගැසීමට සහ ඒවා පාලනය කර ගැනීමට පුද්ගලයන් සූදානම් කිරීම සහ සංකීර්ණ      හා අනපේක්ෂිත අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීම දීමේ හැකියාව වර්ධනය කිරීම.

8. ජාත්‍යන්තර ප්‍රජාව අතර ගෞරවනීය ස්ථානයක් හිමි කර ගැනීමට දායක වන යුක්තිය, සමානාත්වය සහ අනොන්‍ය ගරුත්වය මත පදනම් වූ ආකල්ප හා කුසලතා      පෝෂණය වීම.