එල්ලේ

එල්ලේ යනු ශ්‍රි ලංකාවට පමණක් ආවේනික පිත්තෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම් ක්‍රීඩාවක් වේ. පිත්ත සහ පන්දුවත් අතර පිල් දෙකක් වශයෙන් ක්‍රීඩකයින් දහසය (16) දෙනකුද අතිරේක ක්‍රිඩකයින් හතර (04) දෙනකු ඇතුලත් මෙම ක්‍රීඩාව ලොව වැඩිම ක්‍රිඩක සංඛ්‍යාවක් ඇතුලත් වන ක්‍රීඩාව වශයෙන් හැඳින්විය හැක. වසර දහස් ගණනක ඇත ඉතිහාසයකට උරැමකම් කියනු ලබන මෙම ක්‍රීඩාව ඉතාමත් උද්වේගකාරවුත් තරගකාරිවුත් තරග රටාවක් ගන්නා එල්ලේ ක්‍රිඩාවේ සැම තරගයක්ම මහත් කුතුහලයකින් නැරඹිමට හැකියාවක් ලැබෙන අතරම ගම් පලාතේ මෙන්ම කණ්ඩායම් අතර එකමුතුකම වර්ධනය කරගැනිම මෙම තරගයන්හි මුලික අරමුණ ඇතිව අතීත මුතුන්මිත්තන් විසින් ආරම්භ කර ඇති ක්‍රිඩාවකි.

එල්ලේ ක්‍රීඩාවේ ඉතිහාසය

කවදා, කොතනකදි,කවුරැන් විසින් ආරම්භයට මුල පුරා ඇත්දැයි සදහන්ව නැතත් ශ්‍රී ලංකාවේ ඈත අතීත මුතුන් මිත්තන්ගේ ආභාෂය මත ඔවුන් විසින් ආරම්භ කරන ලද ක්‍රීඩාවක් වශයෙන් හදුන්වා දීමට හැකියාවක් ඇත. 

කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවත ගෙවා දමන ලද ගොවි ජනතාව තම අස්වනු නෙලා ගන්නා ලද කාලසිමාවෙන් පසුව ඊලග කන්නයේ කුඹුරැ යලි අස්වද්න තෙක් ලැබෙනන්නාවු විවේක කාලය තම බිරින්දැවරුන් දුවා දරුවන් ඥාතිමිත්‍රාදීන් මෙන්ම අසල්වැසි ගම්වැසියන් සමග සහයෝගයෙන් දිවිපෙවෙත ගත කිරිම සදහා මෙම ක්‍රිඩාව උපයෝගි කර ගන්නා ලද බව කියැවෙයි.

එසේම අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරැව වෙල්යාය තුල එකමුතුව එල්ලේ ක්‍රිඩා කරනු ලබන අතර එම කණ්ඩායම සදහා කාන්තාවන් ලමයින් මෙන්ම තම තමන් ඥාතින්ද එකමුතව කණ්ඩායම් කිහිපයක් සාදා ගැනිමෙන් අනතුරැව තරගයන් පැවැත්විම කරනු ලබයි. එසේ ගම තුල සෑදුන කණ්ඩායම් අතරින් දක්ෂතම කණ්ඩායම පිලිගනිමින් උත්සවයන්ද සංවිධානය කර ඇත.සියලුම කණ්ඩායම්හි සිටින දක්ෂ තරැණ කොටස් එකමුතු කරමින් එම ගම්මානය තුල එල්ලේ කණ්ඩායමක් සකස් කර ගැනීමද දක්ෂතම තරැණ ක්‍රීඩකයා කණ්ඩායම් නායකයා වශයෙන් නම් කිරිමෙන් අනතුරැව අසල්වැසි ගම්මානයන්හි මෙම ආකාරයටම සාදාගන්නා ලද කණ්ඩායම සමග තරගයන් පැවැත්විමට කටයුතු කරනු ඇත. එසේ තරගයන් පවත්වනු ලබන්නේ අසල්වැසි ගම්මානයන් සමග එකමුතුව වැඩ කිරිමේ අදහස පෙරදැරි කරගෙනය. මෙම ක්‍රමය 1960 - 1980 දක්වා පැවති අතර එය ක්‍රමක් ක්‍රමයෙන් හින වි ගොස් ඇතත් වර්ථමානයේ පවා කුඹුරැ අස්වනු නෙලාගන්නා කාලයට තරැණ කොටස් එකමුතුව පැරණි මුතුන් මිත්තන් අනුගමනය තරමින් එල්ලේ තරග පවත්වනු සැම ශ්‍රි ලාංකිකයෙකුම දැක ඇත.එහෙත් එය එදා මෙන් නොවිම විශේෂත්වයකි.

  • එල්ලේ ක්‍රීඩාවේ නිති හා රිති මාලාව
    • ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය ආරම්භවිමෙන් අනතුරැව එල්ලේ ක්‍රිඩාව සදහා නව නිති මාලාවක් සකස්කර එල්ලේ ක්‍රීඩාවේ දියුනුව පිනිස එම නිති හා රිති මාලාව සිංහලෙන් සහ ඉංග්‍රීරීසියෙන් මුද්‍රනය කොට එල්ලේ ක්‍රිඩාසමාජයන් අතරට ලබාදී ඇත.
  • එල්ලේ ක්‍රීඩාවේ ගුණාංගයන්

    • එල්ලය බලා වේගයෙන් පහර එල්ල කිරිමේ හැකියාව.
    • ඉතා ඉහලින් එන උඩපන්දුවක් නිවරදි ලෙස රැක ගැනීමේ හැකියාව.
    • පොළවට සමාන්තරව සහ වේගයෙන් බිම දිගේ එන පන්දුවක් නිවරදි ලෙස රැක ගැනීම හැකියාව.
    • ඉතා දුරක සිට කඩඉම් දක්වා ප්‍රදේශයට පන්දුව නිවරදිව යොමු කිරිමට ඇති හැකියාව.
    • වේගයෙන් ධාවනයේ යෙදීමේ හැකියාව.
    • ධාවනයේ යෙදෙන ක්‍රීඩකයෙකුහට පන්දුවෙන් නිවරදිව එල්ලයට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව.
    • ධාවනයේ යෙදෙන අවශ්ථාවකදී විරැද්ධ පිලෙන් එල්ල කරනු ලබන ප්‍රහාරයෙන් බේරි වටයක් ලබා ගැනිමට ඇති හැකියාව.
  • එල්ලේ තරග මාදිලි
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට(40) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට(40) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.
    • එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට අඩු(40ට අඩු) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.එහෙත් මෙම තරග පන්දුවාර පහලොවකට (15) වඩා අඩුකරමින් පැවැත්විම නොකල යුතුය.
  • ක්‍රීඩා පිටිය

    • එල්ලේ ක්‍රඩකයෙකුගේ මූලික අරමුණ සහ ඔහු පුරැදු පුහුණු වන්නේ බෝලයට එල්ලය බලා වේගයෙන් ප්‍රහාරයක් එල්ල කොට ඉතා ඈතකට පන්දුව යැවීමට සලස්වා වටයක් ලබා ගැනිම බැවින්ද, ක්‍රිඩකයින් දහසය දෙනකු පන්දු පිටියේ පන්දු රැකීමට නියමිත බැවින් සහ වටයක් ලබා ගැනීම සදහා අඩි දෙසීය විස්සක වට ප්‍රමාණයක් සම්පූර්ණ කලයුතු බැවින් එල්ලේ ක්‍රීඩා කිරිම සදහා මීටර් දෙසීය පනහත් (250) මීටර් තුන්සියයක (300) පමණ වන විවෘත ක්‍රීඩා පිටියක් ඉතා යෝග්‍ය වන්නේය.